Meewanapalane Siridhammalankara Arahath Thero
සිරි සදහම්
නිවන් දැකීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය
සද්දනීතිප්පකරණං - මාගධී ශබ්ද නීති ප්‍රකරණය - Saddaneethippakaranan
මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ
Meewanapalane Siridhammalankara Arahath Thero
Meewanapalane Siridhammalankara Arahath Thero
2018 පොසොන් පොහොය - දහම් ගැටළු සහ විසඳුම් - 1 වන කොටස
1. 1:02:52
මෝහ සිතක් හඳුනාගන්නේ කෙසේද? සංසන්දනය - ගේට්ටුවේ උපමාව.
2. 1:07:21
ආනපාන සති සමාධිය වැඩීමට පෙර - ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
3. 1:18:41
යෝනිසෝ මනසිකාරය ඇතිකර ගැනීමට.
4. 1:19:54
සංඛාරයක් සමුදය වීමට පෙර නැවැත්වීම - ආදීනව විග්‍රහය – සම්භව නිරෝධය - අභිසංඛාර.
5. 1:26:03
සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ.
පරම පවිත්‍ර සිරි සද්ධර්මය - Kindle, ePub, eReader
මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ රචනා කළ පරම පවිත්‍ර සිරි සද්ධර්මය පොත Kindle වැනි eReader උපකරණ වල කියවීමට පහසු වන ePub ගොනුවක් ලෙස ලබා ගන්න. සියලු පුණ්‍යානුමෝදනා panhinda.sirisaddharmaya.net සකස් කළ පිරිසට හිමි වේ.
Here you can download the Parama Pawithra Siri Saddharmaya book by Meewanapalane Siri Dhammalankara Arahath Thero in ePub format for eReader devices such as Kindle.
අනෙකුත් පරම සත්‍යය පොත් ලබා ගැනීමට sirisaddharmaya.net/books.html වෙත පිවිසෙන්න.
Here you can download the Parama Pawithra Siri Saddharmaya book by Meewanapalane Siri Dhammalankara Arahath Thero in ePub format for eReader devices such as Kindle.
අනෙකුත් පරම සත්‍යය පොත් ලබා ගැනීමට sirisaddharmaya.net/books.html වෙත පිවිසෙන්න.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දැන් මේ හැම කෙනෙක්ම දන්නවා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලා හැම කෙනෙක්ම පාඨයක් කියවනවා හැම එකකටම පළමුව. දැන් මොනවහරි වැඩක් ආරම්භ කළත් මේ පාඨය කියලා තමයි බුද්ධාගමේ හැම දෙයක්ම ආරම්භ කරන්නේ. මේ පාඨය ඇත්ත වශයෙන්ම ධර්ම අර්ථයකුත් තියනවා යම් ආකාරයක දැන් අර සම්මත අර්ථයකුත් තියනවා. සම්මත අර්ථය නම් ‘ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි’ කියන එක තමයි අද සම්මතයෙන් තියෙන අර්ථය. නමුත් ඒක නෙමේ මේකෙ නියම නිවැරදි අර්ථය ඊට වඩා හුඟක් ගැඹුරුයි. මේකෙ අර්ථය හරියට තේරුම් ගන්න තස්ස කියන වචනය හරියට තේරුම් ගන්න ඕනේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. තස්ස කියන්නේ මෙන්න මේ මේ හේතූන් නිසා මෙන්න මේ කාරණය ඉෂ්ට කරගත්තා කියන එකයි තස්ස. දැන් ඔය ඡඡක්ක සූත්‍රයේ "තස්ස දායාදෝ" මෙහෙම තියෙනවා. තස්ස කියන්නේ මෙන්න මේ හේතූන් නිසා මෙන්න මේ ඵලය ඇති කරගත්තා කියන එකයි. මොකක්ද ඵලය න මෝ, නමෝ කියන්නේ මාගධී වචනයක්, මෝහය සහමුලින්ම නැතිකරගත්තා. දැන් බුදු හාමුදුරුවෝ බුද්ධත්වයට පත්වුණා කියන්නේ මෝහය, මානය, අවිජ්ජාව සහමුලින්ම තමන්ගේ සිතින් නැති කරගත්ත තත්වය. ඒනිසා නමෝ කියන්නේ මෝහය සහමුලින්ම නැතිකරගත්තා. බුද්ධත්වයට පත්වෙච්ච අරහතුන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, පසේ බුදු පියාණන් වහන්සේලා මේ සියලුම දෙනා මෝහය සහමුලින්ම තමන්ගේ සිතින් ඉවත් කරලා අස් කරලා අයින් කළා. මේ මෝහය අයින් කරලා අස් කරලා ඉවත් කරගත්තේ මොන හේතුන් නිසාද කියන එකයි තස්ස.
හේතු හතරක් ඉදිරිපත් කළා. මෙන්න මේ කාරණා එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රියාකාරකම් හතරක් නිසයි මෝහය සහමුලින්ම නැති කළේ. එහෙම නැත්නම් මෝහය සහමුලින්ම නැති කළ නිසයි මේ ක්‍රියාකාරකම් හතර සිද්ධ වුණේ කියලත් අනිත් පැත්තටත් ගන්න පුළුවන්. මොනවද ක්‍රියාකාරකම් හතර.
"භගවතෝ" වත භාග කරලා බෙදලා විභංග කරලා බෙදා බැලීම තමා බුදු හාමුදුරුවන්ගේ තියෙන්නේ. බුදු හාමුදුරුවන්ගේ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය හේතු ඵල හැටියට බෙදුවා. නොයෙකුත් ආකාරයට මේ වත මේ බඹයක් පමණ වූ ශරීරය, කූඩුව නාම රූප හැටියට බෙදුවා. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හැටියට පංචස්කන්ධයක් හැටියට කොටස් ගාණකට බෙදුවා. ඒවගේම චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මනෝ හැටියට බෙදුවා. ක්‍රියාකාරකම් 32 ක් හැටියට බෙදුවා. ඒවගේ මේ නොයෙකුත් ආකාරයට මේ වත මේ බඹයක් පමණ වූ ශරීරය බෙදලා බෙදලා බලලා ඒවත භාග කරලා බෙදලා බැලීම තමා භගවත් ගුණය කියන්නේ.
භගවත් කියන්නේ භග වත. මේක දැන් කේසා, ලෝමා, නඛා, දන්තා හැටියට 32 කට බෙදුවා. මේ වගේ තව නොයෙකුත් ආකාරයට බුදු හාමුදුරුවෝ මුලු විභංගප්ප්‍රකරණය කියන පොත් දෙකේම කරලා තියෙන්නේ, මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් එක එක ආකාරයට බෙද බෙද බෙද බෙද බැලීම. ඒබෙද බෙද බැලීමෙන් උනේ මේ ඝණ සංඥාව, ධුව සංඥාව කියන එක එහෙම නැත්නම් සත්ව පුද්ගල ස්වරූපය, සත්ව පුද්ගල සංඥාව ඉවත් කරන්නට පුළුවන් වුණා. එතකොට අර මෝහය නැති කරන්න නම්, න මෝ කියන තත්වයට පත් කරන්න නම්, මේ පුද්ගල සංඥාව, සත්ව සංඥාව, ඒනිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ත සංඥාව ඉවත් කරන්න ඕනේ. ඒක ඉවත් කරන්නට පුළුවන් වුණේ අන්න අර වත භග කරලා බෙදලා විභංග කරලා බෙදලා බලලා.
දැන් මෙහෙම බෙදලා බලන ක්‍රමයක් මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ධර්මයේ ඉදිරිපත් කළා මිසක වෙන කවුරුවත් කවදක්වත් කිසිම ආගමක විග්‍රහ කරලා නෑ බෙදලා බලලා නෑ. ඒනිසාම මේ බුදු හාමුදුරුවන්ගේ ධර්මයට මුල් අවුරුදු 400 ක් විතර කාලයක් තුළ විභජ්ජවාදය කියලා නමකුත් ආවා. මොකද කළේ මේ විභජ්ජ කියන්නේ මේ වෙන් කර කර බෙද බෙද බලන්න පුරුදු කරපු එක. හැම දෙයක්ම බුදු හාමුදුරුවෝ කරලා තියෙන්නේ ඔය ත්‍රිපිටකයේ, මුලු ත්‍රිපිටකයේම තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව නොයෙකුත් ආකාරයට, විවිධ ආකාරයට බෙද බෙද බලන්න මිනිස්සුන්ට පුරුදු කරලා තියෙනවා. එතකොට ඔය දැන් කොටස් 32 ක් හැටියට කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් බෙදුවාම මේකෙ තියෙන්නේ මේ කොටස් 32 ක් එකතු කරලා හදාගත්ත ක්‍රියාත්මක වන ඝණ සංඥාව. මේ ඝණ සංඥාව දුරු වෙනවා මේ කොටස් 32 වෙන් කර කර බලන කොට. ඒවගේම නාම රූප හැටියට බෙදන්න පුළුවන්. පංච ස්කන්ධය හැටියට බෙදන්න පුළුවන්. ආයතන හැටියට බෙදන්න පුළුවන්. තව නොයෙකුත් ආකාරයට බුදු හාමුදුරුවෝ මේ රූප, වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ මෙහෙම නොයෙකුත් ආකාරයට බෙදා බලන්න පුරුදු කළ නිසා ඒක තමා වත භග කරලා බලන භගවත් වූයේ.
ඒවගේම මේ අරහත් ගුණය කියන්නේ රහ බැලීම අත්හැරියා. දැන් බුදු හාමුදුරුවෝ කළේ මේ ඇහෙන් රූප රහ බලන එක අත්හැරියා. කණෙන් ශබ්ද රහ බලන එක අත්හැරියා. නාසයෙන් ගඳ, සුවඳ රහ බලන එක අත්හැරියා. දිවෙන් රස බලන එක අත්හැරියා. කයෙන් පහස ලබන රස බලන එක අත්හැරියා. මනසෙන් ධම්ම රහ බලන එක අත්හැරියා. දැන් පෘථග්ජන පුද්ගලයෙක් කරන්නේ හැම තිස්සෙම ඇහැ පාවිච්චි කරන්නේ රහ බලන්න. ඒරහ බැලුවහම තමා අපි මත්වෙන්නේ. ඒමත්වීම නිසා තමා අපි මේවා උපාදානය කර ගන්නේ, අල්ලාගන්නේ, අයිති කරගන්නේ, ගොඩ ගහගන්නේ, එකතු කරගන්නේ, බදාගන්නේ. මේ පංච ස්කන්ධය දුකක් බවට පත්වෙන්නේ මෙන්න මේ උපාදානය කරගැනීමෙන්. එතකොට උපාදානය කරගන්නේ මොකටද, දැන් ඇහෙන් ප්‍රිය රූපයක් දැක්ක හැටියේ ඒප්‍රිය රූපය මම, මගේ, මට, මගේ කියලා අයිති කරගන්න හැම කෙනෙක්ම හදන්නේ, උත්සාහ කරන්නේ, ඒරූපයට තණ්හා වෙන්නේ, ඒරූපය උපාදානය කරගන්නේ මෙන්න මේ රස බැලීමට තියෙන අවශ්‍යතාවය නිසා. යම්කිසි රූපයක් දැක්කහම ඒරූපයට ඇලෙන්නේ, ඒවගේම ඒරූපයට ගැටෙන්නේ, ඒවගේම ඒරූපයට මුළා වෙන්නේ මෙන්න මේ රස බැලීමේ අවශ්‍යතාවයක්, ආශාවක්, තණ්හාවක්, උපාදානය කරගැනීමේ කැමැත්තක් ආසාවක් හැම පුද්ගලයෙක් තුළම තියෙන නිසා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ අරහත් ගුණය කියන්නේ රහ බැලීමේ ගුණය, එහෙම නැත්නම් රහ බැලීම අත්හැරීම තමා මේ බුදු හාමුදුරුවෝ කළේ. එතකොට මේ රහ බැලීම කරන්නේ මත් වෙලා. මේ මත් වීම නිසා තමයි මේ රහ බලන දේවල් උපාදානය කරගන්නේ, අල්ලාගන්නේ, අයිති කරගන්නේ. ඉතින් ඒක නිසා අරහත් ගුණය කියන්නේ රහ බැලීමේ අත්හැරීම. දැන් අර මෝහය නැති කරාට පස්සේ මේ රහ බැලීම අත්හරිනවා. ඒකයි නමෝ තස්ස භගවතෝ අරහතෝ.
ඊට පස්සේ මේ සං මා, ඒකත් ගුණයක්. සම්මා අංග අටම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් තියෙන මේ සම්මා අංග අටත් සම්මා ඤාණ, සම්මා විමුත්ති කියන අංග දෙකත් එක්කරලා සම්මා අංග 10 ක් තියෙනවා. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. ප්‍රිය දේට ඇලෙන රාගය, අප්‍රිය දේට ගැටෙන ද්වේශය, ප්‍රිය අප්‍රිය අතර මුළාවෙන මානය කියන තුනම එකතු කළාම සං කියනවා. සං කියන්නේ යම්කිසි ආකාරයකට අපි සම්බන්ධතාවයක් මේ සංසාර ගමනට, පුද්ගලයන්ට, දේවල්වලට, තැන්වලට ධර්ම වලට සම්බන්ධතාවයක් ඇති වීමක්. සං උදය කියනවා සම්බන්ධතාවයක් ඇති වෙනවට. එතකොට සං මා කියන්නේ මේ රාගයෙන් සම්බන්ධතා වෙන දේවල් වලින් මිදී නිදහස් වෙනවා. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. එතකොට රාගයෙන් මිදී නිදහස් වීම, ද්වේශයෙන් මිදී නිදහස් වීම, මෝහයෙන් මිදී නිදහස් වීම තමා සංමා ගුණය, සම්මා අංග අට. ධම්මෝ සංදිට්ඨිකෝ කියන්නේ මේ සං දැක්කා. ඒසං දැකලා මේ සං වල තියෙන අසාර බව, අනාථ බව, අනිච්ච බව, අනිශ්චිත බව දැකලා මේ සං වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් අන්න අර මෝහය නැති කළ පුද්ගලයෙකුට විතරයි. සං වලින් මිදී නිදහස් වීම අනුවයි නමෝ තස්ස කියන තත්වයට කෙනෙක් පත්වෙන්නේ. ඉතින් ඒක නිසා සම්මා ගුණය කියන්නේ මේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙලා වීතරාගී, වීතද්වේශී, වීතමෝහී කියන තත්වයට පුද්ගලයා පත්වීම. ඒක තමා සම්මා ගුණය.
මේ අවසාන වශයෙන් සම්බුද්ධ ගුණය. මේ සං කියන්නේ රාගය, ද්වේශය, මෝහය නැවත වරක්ම, බුද්ධ කියන්නේ ඒරාගය, ද්වේශය, මෝහය බිහි කිරීම, බු කියන්නේ බිහිකිරීම උද්ධ කියන්නේ උදුරා දානවා. එතකොට මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ රාගය, ද්වේශය, මෝහය උපත ලබනවා ආසය, අනුසය නිසා. එතකොට මේ රාග, ද්වේශ, මෝහ මුලින් උදුරලා දාන්න නම් මේ ආසය, අනුසය උදුරලා දාන්න ඕන. ඒක තමා ආසවක්ඛයේ ඥානය. එතකොට රාගය, ද්වේශය, මෝහය උදුරා දැමූ නිසා මෝහය සහමුලින්ම නැතිවුණා. මෝහය සහමුලින්ම නැතිවුණ නිසා රාගය, ද්වේශය, මෝහය සහමුලින් උදුරා දැම්මා.
ඉතින් ඒක නිසා මේ කල්පනා කරන්න ඕනේ මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියන එකේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ අපි අර බුදු පියාණන් වහන්සේව සිහිපත් කරන්නේ, බුදු හාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරන්නේ මෙන්න මේ ආකාරයට. මොකක්ද, සම්පූර්ණයෙන්ම මෝහය නැති කරා, මෙන්න මේ ආකාර වූ ක්‍රියාකාරකම් හේතූන් නිසා. භගවත් ගුණය මේ වත භාග කරලා බෙදලා බලන්නට පුරුදු වුණා. රහ බැලීම අත්හැරියා. රාග, ද්වේශ, මෝහ වලින් මිදී නිදහස් වුණා, සම්මා. රාග, ද්වේශ, මෝහ උපදින අර රාග බව, ද්වේශ බව, මෝහ බව සහමුලින්ම සිතින් උදුරා දැමුවා. රාග බව, ද්වේශ බව, මෝහ බව සහමුලින් උදුරා දැමූ, රාග, ද්වේශ, මෝහ වලින් මිදී නිදහස් වූ, රහ බැලීම අත්හැරිය, ඇහැ, කණ, නාසය, දිව, කය, මන කියන හයෙන් රහ බැලීම අත්හැරිය මේ ගත පිළිබඳව, වත පිළිබඳව විභංග කරලා දැක්ක, හේතූන් නිසා, මෙන්න මේ කාරණා නිසා බුදු හාමුදුරුවන් වහන්සේ නමෝ කියන මෝහය සහමුලින් නැති කරා කියන අර්ථය තමා මේ වචන ටිකේ තියෙන්නේ
ඒ මිසක් මෙතන මේ සංස්කෘත වචනයක් තියෙනවා නමස්තේ කියලා. නමස්තේ කියන එහෙම නැත්නම් නමස්කාරය කියන එහෙම නැත්නම් මේ වන්දනාවක් කරන කතාවක් මෙතන නෑ නියම මුල් බුදු දහමේ. පස්සේ කාලෙක ඒවුණාට මේකෙ මේ අර්ථ, ධර්ම තේරුම් ගන්න බැරුව මේක මේ නමස්කාර පාඨයක් හැටියට කොහොමහරි මහායාන බුද්ධාගමේ, ජෙෙන ආගමේ බලපෑමක් අනුව මේ ථේරවාදී දහමටත් මේක නමස්කාර පාඨයක් හැටියට එකතු වුණාට මේක එහෙම නමස්කාර පාඨයක් නෙවෙයි. මේකෙ තියෙන්නේ ඒඋතුම් බුදු ගුණ සිහිපත් කිරීමෙන් අපිත්, අපි තුළත් මේ බුදු ගුණ ඇතිකරගන්නට උපකාර වන ක්‍රියාකාරකම්, එහෙම නැත්නම් අධිෂ්ඨානයක් ඇති කරගෙන අපිත් අර වත බෙදා බලන්න පුරුදු වෙන්න ඕනේ, භගවත් ගුණය. රහ බැලීම අත්හරින්නට පුරුදු වෙන්න ඕනේ. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. රාග, ද්වේශ, මෝහ මුලින්ම, සහමුලින්ම අපේ හිතින් උදුරලා දාන්න ඕනේ. ඒඅනුව අපිටත් නමෝ කියන තත්වයට මෝහය සහමුලින්ම නැති කර ගන්න පුළුවන්. මෝහය තියෙනකම් අපි සංසාර ගමන යනවා. මෝහය සහමුලින්ම නැතිවුණා නම් නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියන එකේ බොහෝම ගැඹුරු තේරුමක් තියෙනවා, නිවනම ඔතන තියෙනවා. මුළු බුද්ධ දේශනාවම ඔතෙනට කැටි කරලා විග්‍රහ කරපු වචන පහක් ඔතන තියෙන්නේ. ඉතින් ඒක හරි හැටියට තේරුම් ගත්තොත් නිවන් මග එතනම තියෙනවා.
Subscribe to:
Posts (Atom)