2018 පොසොන් පොහොය - දහම් ගැටළු සහ විසඳුම් - 1 වන කොටස



1. 1:02:52
මෝහ සිතක් හඳුනාගන්නේ කෙසේද? සංසන්දනය - ගේට්ටුවේ උපමාව.


2. 1:07:21
ආනපාන සති සමාධිය වැඩීමට පෙර - ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.


3. 1:18:41
යෝනිසෝ මනසිකාරය ඇතිකර ගැනීමට.


4. 1:19:54
සංඛාරයක් සමුදය වීමට පෙර නැවැත්වීම - ආදීනව විග්‍රහය – සම්භව නිරෝධය - අභිසංඛාර.


5. 1:26:03
සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ.


පරම පවිත්‍ර සිරි සද්ධර්මය - Kindle, ePub, eReader

මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ රචනා කළ පරම පවිත්‍ර සිරි සද්ධර්මය පොත Kindle වැනි eReader උපකරණ වල කියවීමට පහසු වන ePub ගොනුවක් ලෙස ලබා ගන්න. සියලු පුණ්‍යානුමෝදනා panhinda.sirisaddharmaya.net සකස් කළ පිරිසට හිමි වේ.

Here you can download the Parama Pawithra Siri Saddharmaya book by Meewanapalane Siri Dhammalankara Arahath Thero in ePub format for eReader devices such as Kindle.

ePub - https://goo.gl/qwMPz8
Google Docs - https://goo.gl/RbYyK5
PDF - https://goo.gl/wqd6HJ




අනෙකුත් පරම සත්‍යය පොත් ලබා ගැනීමට sirisaddharmaya.net/books.html වෙත පිවිසෙන්න.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


දැන් මේ හැම කෙනෙක්ම දන්නවා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලා හැම කෙනෙක්ම පාඨයක් කියවනවා හැම එකකටම පළමුව. දැන් මොනවහරි වැඩක් ආරම්භ කළත් මේ පාඨය කියලා තමයි බුද්ධාගමේ හැම දෙයක්ම ආරම්භ කරන්නේ. මේ පාඨය ඇත්ත වශයෙන්ම ධර්ම අර්ථයකුත් තියනවා යම් ආකාරයක දැන් අර සම්මත අර්ථයකුත් තියනවා. සම්මත අර්ථය නම් ‘එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි’ කියන එක තමයි අද සම්මතයෙන් තියෙන අර්ථය. නමුත් එ්ක නෙමේ මේකෙ නියම නිවැරදි අර්ථය ඊට වඩා හුඟක් ගැඹුරුයි. මේකෙ අර්ථය හරියට තේරුම් ගන්න තස්ස කියන වචනය හරියට තේරුම් ගන්න ඕනේ.